23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඑළවළු මිල දසගුණයකින් ඉහළට 

එළවළු මිල දසගුණයකින් ඉහළට 

ගෙවුණු දින කිහිපය තුළ එළවළු තොග මිල පසුගිය මාසයට සාපේක්ෂව දස ගුණයකින් ඉහළ ගොස් ඇති බව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළෙන්ඳන් පවසති.

ඒ අනුව එළවළු වර්ග ගණනාවක කිලෝ 01ක තොග මිල ඊයේ (13) රුපියල් දෙසීය ඉක්මවා තිබූ අතර සමස්ත එළවළු ගොවීන්ගෙන් සියයට 80ක් වගාවෙන් ඉවත්ව යාම, සියයට 70 ක් තොග ගැණුම්කරුවන් නොපැමිණීම ආදී හෙතූන් නිසා ලැබෙන එළවළු තොග මිල ඉහළ යාමට බලපා තිබේ.

එළවළු වගාවට පවතින ඉන්ධන, පොහොර, කෘෂි රසායන හිඟයට රජය වහාම පිළියම් නොයෙදුවහොත් ඉදිරි මාස කීපය තුළ ගොවීන් සම්පූර්ණයෙන්ම වගා කටයුතුවලින් ඉවත්ව රටපුරා එළවළු හිඟය උග්‍ර වනු ඇති බව සභාපති ශාන්ත ඒකනායක අවධාරණය කළේය.