26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකැනේඩියානු අග්‍රාමාත්‍යවරයාට කොරෝනා

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයාට කොරෝනා

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝට දෙවන වරටත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා විසින් ඊයේ (13) නිකුත් කළ නිවේදනයක් හරහා තම කොවිඩ් තත්ත්වය තහවුරු කළ අතර තමා එන්නත ලබාගෙන ඇති බැවින් සුවෙන් පසුවන බව සඳහන් කර තිබේ.

එමෙන්ම සෞඛ්‍ය විධිවිධානවලට අනුකූලව හුදකලා වී සිටීමට තමා කටයුතු කරන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේ මෙතෙක් කොවිඩ් එන්නත් ලබාගෙන නොමැති පුද්ගලයන්ට එම එන්නත හා හැකි නම් බූස්ටර් මාත්‍රාවද ලබා ගන්නා ලෙසයි.