26.1 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොසොන් පුර පොහොය දිනය අදයි

පොසොන් පුර පොහොය දිනය අදයි

ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් සමරනු ලබන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.

ඒ, ශ්‍රී ලාංකික ජන සමාජය සමාජ, සංස්කෘතික හා ආගමික, අධ්‍යාත්මික ලෙස සංවර්ධනය කිරීම උදෙසා අද වනි පොසොන් පොහෝ දිනක සිදු වූ ඓතිහාසික සුවිශේෂී සිදු වීම හේතුවෙනි.

දේවානම් පියතිස්ස රජ සමයේ සිදූ වූ අසිරිමත් මහින්දාගමනයෙන් අනුරාධපුරය, මිහින්තලය ආලෝකමත් වූවා පමණක් නොව ශ්‍රී ලාංකික ජනසමාජයම ආලෝකමත් විය.

එවක පටන් බෞද්ධයන් විසින් පොසොන්පුර පෝය දිනය ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් මිහිඳු මහරහතන් වහන්සේ සිහි කෙරෙන අතර පින් අනුමෝදම් කරමින්, සැදැහැවත් ජනතාව ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වනු ලබයි.

මේ අතර මෙවරත් රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා පුදබිම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙයි.

‘දේශය මිත්‍යාවෙන් මුදා ගනිමු’ යන්න මෙවර පොසොන් උත්සවයේ තේමාවයි.