31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමෙරට ආයෝජන ප්‍රවර්ධනය කිරීමට ඇමරිකාවේ එකඟත්වය

මෙරට ආයෝජන ප්‍රවර්ධනය කිරීමට ඇමරිකාවේ එකඟත්වය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින සාකච්ඡා අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා ඇමරිකාව එකඟත්වය පළ කර ඇති බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් අතර පැවති දුරකථන සංවාදයකදී රාජ්‍ය ලේකම්වරයා මේ බව සඳහන් කළ බව වාර්තා වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින සාකච්ඡාවල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා එහිදී රාජ්‍ය ලේකම්වරයාට පැහැදිලි කිරීමක් සිදු කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.