― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවාහන හිමියන් ලක්ෂ 15ක් ලීසිං නොගෙවන තීරණයක

වාහන හිමියන් ලක්ෂ 15ක් ලීසිං නොගෙවන තීරණයක

සමස්ත ලංකා ප්‍රවාහන වෘත්තිකයන්ගේ ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය යටතේ ලියාපදිංචි වී සිටින ලක්ෂ 15ක් පමණ වන ප්‍රවාහන සංගම්වල සාමාජිකයන්ට අයත් වාහනවල ලීසිං වාරික හා වාහන මිලදී ගැනීමට ලබාගත් බැංකුවල වාරික ගෙවීම ඊයේ (13) සිට නවත්වා දැමීමට තීරණය කළ බව එම සංගමයේ කැඳවුම්කරු සම්පත් රණසිංහ මහතා සඳහන් කළේය.

මීට අමතරව පවතින ඉන්ධන ගැටලුවලට සති දෙකක් තුළ විසඳුම් ලබාදීමට කටයුතු නොකළහොත් අද (14) සිට දින 14කට පසු සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බවද ඔහු පවසා සිටියේය.

තම සංගමය යටතේ බස්, ත්‍රිරෝද රථ,පාසල් ළමයින් හා කාර්යාල සේවකයන් ප්‍රවාහන සේවා සහ ලොරි රථ, කුලී වෑන් රථ සේවා බහලුම් ප්‍රවාහන සේවා සංචාරකයන් ප්‍රවාහන සේවාවලට අයත් වාහන හිමියන් ලක්ෂ පහළොවකට අධික පිරිසක් ලියාපදිංචි වී සිටින බවද ඒ මහතා සඳහන් කළේය.

පවතින ඉන්ධන අර්බුදය නිසා මෙම වාහනවලින් 20%ක් හෝ දෛනිකව ධාවනය කර ගැනීමට නොහැකි වී තිබෙන බවත්, මේ නිසා ලිසිං වාරික ගෙවීමට වත්කමක් නොමැති බවත් හෙතෙම පවසා සිටියේය.
 රජය දිගින් දිගටම ලීසිං ආයතනවලට විවිධ සහන ලබාදීම සිදුකළද පවතින අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගෙන ලීසිං හෝ බැංකු ණය මත වාහන මිලදීගත් පිරිසට කිසිදු සහනයක් ලබා දී නොමැති බවද සම්පත් රණසිංහ මහතා සඳහන් කළේය.

ලීසිං වාරික හා බැංකු ණය වාරික ගෙවීම පැහැරහැර ඇති සමහර වාහන ලීසිං ආයතන විසින් අත්පත් කර ගැනීමට සැලසුම් කරමින්  තිබෙන බවත්, මේ අනුව මෙම ආයතනවලට ඉදිරියේදී වාහන ලක්ෂ ගණනක් අත්පත් කර ගැනීමට සිදුවන බවත් ඔහු පවසා සිටියේය.

වාහන අත්පත් කර ගැනීම් සිදුවුහොත් ඒ වෙනුවෙන් පෙනී සිටීම සඳහා ප්‍රවාහන සංගම් 11 ඒකාබද්ධ වී සමස්ත ලංකා ප්‍රවාහන වෘත්තිකයන්ගේ ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය නමින් නව සංවිධානයක් ඊයේ පිහිටුවා ගත් බවද ඒ මහතා සඳහන් කළේය.

ඊයේ (13) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී එම සංගමයේ කැඳවුම්කරු සම්පත් රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ලිසිං හා මූල්‍ය ආයතන  සහ බැංකු සමග සාකච්ඡා කර  ප්‍රවාහන සේවාවල නිරත සමස්ත වාහන හිමියන්ට ලීසිං සහන ලබා දී ඉන්ධන ලබාදීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කළ යුතු බවද පවසා සිටියේය.

ඉන්ධන නිසි ලෙස ලබා දී ප්‍රවාහන සේවා යථා තත්ත්වයට පත් වුවහොත් ඉන්පසුව ලීසිං වාරික, බැංකු ණය වාරික නිසි ලෙස ගෙවීම සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය.