27.8 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews01 ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛයට කැබිනට් අනුමැතිය

01 ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛයට කැබිනට් අනුමැතිය

2023 වර්ෂයේ සිට පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා සංශෝධිත චක්‍රලේඛයේ සඳහන් විධිවිධාන අදාළ කර ගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.

පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා මීට පෙර නිකුත් කරන ලද චක්‍රලේඛයන් ක්‍රියාත්මක කිරීමේදී පැන නැඟුන ගැටලු පිළිබඳව විදුහල්පතිවරුන්, චක්‍රලේඛ සංශෝධන කමිටුව, අමාත්‍යාංශයේ විමර්ශන අංශය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු විවිධ පාර්ශව විසින් ඉදිරිපත් කරන ලද කරුණු මෙන්ම ඒ පිළිබඳව වූ අධිකරණ තීන්දු සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංශෝධිත නව චක්‍රලේඛයක් පිළියෙල කරනු ලැබ තිබේ.