30 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන සහ ගෑස් ලැබෙන හැටි අගමැති කියයි

ඉන්ධන සහ ගෑස් ලැබෙන හැටි අගමැති කියයි

‘ඉන්දියන් ක්‍රෙඩිට් ලයින්’ අත්සන් කළ පසු මාස හතරකට ප්‍රමාණවත් ඉන්ධන ලංකාවට ලැබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.

ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් සහිත නැවක් අද (14) පැමිණි අතර එහි ගෑස් නිකුත් කිරීමේදී රෝහල්, හෝටල් සහ ආදාහනාගාර වැනි ආයතනවලට ප්‍රමුඛත්වය ලබා දෙන බවත් ඊට පසු එන නැව්වලින් මාස හතරකට ගෑස්, ඉන්ධන අඛණ්ඩව ලබා දෙන්නට තීරණය කළ බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

නමුත් අඛණ්ඩව ගෑස් සහ ඉන්ධන සැපයීම් කළ හැක්කේ දැනට තිබෙන ඉල්ලීම්වලින් 50%ක් ලබා දෙනවා නම් පමණක් බව කී අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛතා හඳුනා ගනිමින් ඉදිරි සැපයීම් කරන බවද සඳහන් කළේය.

ඩොලර් හිඟය පියවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම සමග සාකච්ඡා කර ගෙන යන අතර ඒ් වැඩ කටයුතු ජුනි මාසය ඇතුළත සම්පූර්ණ කර ගැනීමට හැකි වෙතියි බලාපොරොත්තු වෙන බව ද අගමැතිවරයා සඳහන් කළේය.

තමා කලින් සඳහන් කළ පරිදි දැන් දුෂ්කර ම කාලය ගෙවමින් සිටින අතර ඒ ප්‍රශ්නවලට මුහුණ දී දරා ගැනීම ගැන සියලු දෙනාට ස්තුති කරන බවත් ප්‍රශ්න ශීඝ්‍රයෙන් විසඳන්න බැරි වීම ගැන කණගාටුව ප්‍රකාශ කරන බවත් අග්‍රාමාත්‍යවරයා කීය.