― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකෘෂිකර්ම ඇමතිගෙන් ගොවි පවුල්වලට නොමිලේ යූරියා

කෘෂිකර්ම ඇමතිගෙන් ගොවි පවුල්වලට නොමිලේ යූරියා

අඩු ආදායම් ලබන සෑම ශ්‍රී ලාංකික ගොවි පවුලකටම නොමිලේ යූරියා පොහොර මල්ලක් බැගින් ලබාදීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අඩු ආදායම්ලාභී ගොවි පවුල්වලට 2022 සහ 2023 මහ කන්නයේදී වී වගාව සඳහා පවුලකට පොහොර මල්ලක් බැගින් යූරියා පොහොර මලු 3,65,000ක් නොමිලයේ ලබා දීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙරට නියෝජිතයින් සමඟ කළ සාකච්ඡාවලදී එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

මෙරට ගොවි ජනතාවගේ ආර්ථික තත්ත්වය නංවාලීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විශේෂ ව්‍යාපෘති ගණනාවක් ලබන මාස් කන්නයේ ක්‍රියාත්මක කිරීමට එකඟතාවය පළ කර ඇති බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.