27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනයෙන් ළඟදීම මෙරටට සහල් තොගයක්

චීනයෙන් ළඟදීම මෙරටට සහල් තොගයක්

පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැඳින්වූ ශ්‍රී ලංකාව මේ වනවිට ලොව නන් දෙසින් සහල් ලබා ගැනීමට සිදුව තිබේ.

මේ වන විට චීනය විසින් මෙරටට පරිත්‍යාග කළ සහල් තොගයක් ලබන 25 වැනිදා මෙරටට ලැබීමට නියමිත බව වාර්තා වෙයි.

රෙන්මින්බි මිලියන 500ක වටිනාකමින් යුත් සහල් තොගයක පළමු කොටස සහිත නෞකාව කොළඹ වරායට ළඟාවීමට නියමිත බව චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙලෙස චීනයෙන් ලබාදෙන සහල් තොගය කාණ්ඩ 06ක් යටතේ මෙරටට හිමි වන අතර පාසල් ආහාර වැඩසටහන යටතේ සහල් මෙට්‍රික්ටොන් 10,000ක් අඩු ආදායම්ලාභී පවුල්වල ළමුන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට කටයුතු කරන බව මෙරට චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කළේය.