― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalදුෂ්කර කාලයේ ප්‍රශ්න දරාගැනීම වෙනුවෙන් ස්තූතියි - අගමැති

දුෂ්කර කාලයේ ප්‍රශ්න දරාගැනීම වෙනුවෙන් ස්තූතියි – අගමැති

දුෂ්කර කාල පරිච්ඡේදයක ප්‍රශ්න දරාගැනීම ගැන තමා රටේ සමස්ත ජනතාවට තමා ස්තූතිය පළ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

මීට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක්ද එළඹෙන 20 වැනිදා මෙරටට පැමිණීමට නියමිත බවත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය භාරදුන් ‘ලසාඩ්’ සහ ‘ක්ලිෆඩ්’ යන මූල්‍ය සහ නීති උපදේශක සමාගම් නියෝජිතයින් මෙරටට පැමිණ ඇති බවත් අග්‍රාමත්‍යවරයා එහිදී සඳහන් කළේය.

ඩොලර් පිළිබඳ තිබෙන හිඟය විසඳන්න තමා දැන් IMF කණ්ඩායම් එක්ක සාකච්ඡා කරගෙන යන්නේ. ඊට පෙර අපිට තියෙනවා අපේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න. අපිට ඒ දැනුම නැති නිසා “ලසාඩ්” සහ “ක්ලිෆඩ් චාන්ස්” සමාගම්වලින් උපදේශකවරු ලබලා තියෙනවා. ඒ අය අද ලංකාවට ඇවිල්ලා තියෙනවා. එහෙම නම් අපි බලාපොරොත්තු වෙන්නේ මේ වැඩකටයුතු ජූනි මාසයේ අවසන් වෙද්දි අවසන් කරන්න. ඊයේ වොෂිංටන් ධවන මන්දිරයේ තානාපතිවරුන්ගේ සාකච්ඡාවක් තිබුණා. ඒකෙදි බයිඩන් ජනාධිපතිතුමා අපේ තානාපතිතුමාට කිව්වා ලංකාවට සහයෝගය දෙනවා කියලා. එහෙම නම් අමෙරිකාවත් මේකට එකතුවීම ගැන අපි විශේෂයෙන්ම සන්තෝෂ වෙනවා. ඒ අයට ස්තූති කරනවා. ඉන්දියාවේ ඊළඟ ඩොලර් මිලියන 500ක් තෙල් ගන්න ණයක් අපි බලාපොරොත්තු වෙනවා. ඉක්මනින් ඒ පිළිබඳ ගිවිසුම අත්සන් කරනවා. මේ ගිවිසුම් අත්සන් කරලා මුදල් ලබාගත්තාම අපේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට ගේනවා. එතකල් මම දන්නවා ඔබ සියලුදෙනාටම දුෂ්කර කාල තියෙනවා. ප්‍රශ්න ඇති වෙනවා. ඒත් මේ ප්‍රශ්නවලට මුහුණදෙන එකත් ඒක දරා ගන්න එක ගැනත් සියලුදෙනාටම ස්තූති කරනවා.