31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශ්‍රී ලංකන් ගුවන් අනතුරේ ඇත්ත නැත්ත මෙන්න

ශ්‍රී ලංකන් ගුවන් අනතුරේ ඇත්ත නැත්ත මෙන්න

එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළෙන් ඊයේ (14) අලුයම ගුවන් මගීන් 275 දෙනෙක් සහ කාර්යය මණ්ඩලය 15 දෙනෙකු පමණ රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ඒ.- 330 එයා බස් ගුවන් යානයේ නියමුවා තම ගුවන් යානයේ වූ රේඩාර් උපකරණය මගින් මෙම තත්වය නිරීක්ෂණය කළ විට එම අඩි 35,000ක ගුවන් සීමාවේ බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ ගුවන් යානයක් ලන්ඩන් නුවර සිට ඩුබායි හරහා සිංගප්පූරු බලා, මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානය ගමන් කරන ගුවන් මාර්ගයේම තම ගුවන් යානයට වඩා වැඩි වේගයකින් ගමන් කරමින් පැමිණෙන බවට දැක ගැනීමට හැකි වී තිබේ.

මෙම ගුවන් යානා දෙක අතර පරතරය සැතපුම් 15ක් තරම් සමීප මට්ටමක පැවති අතර මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානයට සමීප වී අනතුරක් සිදු විය හැකි බව ශ්‍රී ලන්කන් ගුවන් නියමුවාට අවබෝධ වී ගුවන් අනතුරක් වළක්වා ගත් පුවතක් සමාජ මාද්‍ය ජාලා පුරා මේ වනවිට සංසරණය වෙයි.

කෙසේවෙතත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසන්නේ මෙලෙස සමාජ මාධ්‍ය පුරා ප්‍රචාරය වන මෙම පුවත අසත්‍ය බවයි.