29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපාන් ගෙඩියක් රුපියල් 1790ක් වන ලකුණු

පාන් ගෙඩියක් රුපියල් 1790ක් වන ලකුණු

මේ වන විට ශ්‍රී ලංකාව තුළ පවතින අධි උද්ධමනය දිගින් දිගටම ඉහළ පැවතිය හොත් දෙසැම්බර් මාසයේදී පාන් රාත්තලක් රුපියල් 1790ක් මිලට යනු ඇති බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල් සුනිල් ජයන්ත නවරත්න පවසයි.

මාර්තු මාසය වන විට සියයට 18.2ක පැවති මෙරට උද්ධමනය අප්‍රේල් මාසය වනවිට සියයට 33.3ක් දක්වා ඉහළ ගොස් ඇති බව හෙතෙම අවධාරණය කරයි.

මේ ආකාරයෙන් සෑම මාසයක් අවසානයේම උද්ධමනය 30% කින් ඉහළ ගියහොත් මේ වන විට රුපියල් 100කට අලෙවි කරන සෑම භාණ්ඩයක්ම දෙසැම්බර් මස වන විට රුපියල් 1790ක් වනු ඇති බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා පෙන්වා දෙයි.

මෙය අධි උද්ධමනයක් බැවින් එය ඉතාමත් භයානක තත්ත්වයක් බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.