28.9 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමොහොමඩ් නෂීඩ්ට එරෙහිව හර්ෂගෙන් ට්විටර් පණිවුඩයක්

මොහොමඩ් නෂීඩ්ට එරෙහිව හර්ෂගෙන් ට්විටර් පණිවුඩයක්

තමා මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් කළැයි කියූ ප්‍රකාශය ඔහු ප්‍රතික්ෂේප කළත් තමන් එම ප්‍රකාශයේම සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කලේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි. එහි දැක්වෙන්නේ මොහොමඩ් නෂීඩ්ට ගරු කරන අතරේම තමා හා නෂීඩ් අතර පැවැති සාකච්ඡාවේදී සඳහන් වූ කරුණු පිළිබඳව තමන් කළ ප්‍රකාශයේ තමන් සිටින බවයි.

මීට දින කිහිපයකට පොරාතුව පැවැති රැස්වීමකදී හර්ෂද සිල්වා ප්‍රකාශ කළේ සෞදියේ පාලක මොහොමඩ් බින් සල්මාන් හා ඩුබායි පාලකගෙන් ශ්‍රී ලංකාවට උදව් ඉල්ලා සිටියත් ඔවුන් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බව මොහෙමඩ් නෂීඩ් තමන්ට ප්‍රකාශ කළ බවයි.

කෙසේ වෙතත් එම ප්‍රකාශය අසත්‍ය බව නෂීඩ් ඊයේ දිනයෙදී සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කළ අතර ශ්‍රී ලංකාවට උපකාර කිරීමට පාර්ශ්ව ඉදිරිපත්ව ඇති බවත් පැවසීය.

මෙයට ප්‍රතිචාර දක්වමින් හර්ෂද සිල්වා සිය ට්විටර් ගිණුමෙන් ඉහත අදහස් දැක්වූ අතර ශ්‍රී ලංකාවට උපකාර කිරීමට රටවල් ඉදිරිපත්ව ඇති බවට නෂීඩ් කළ ප්‍රකාශය ගැන තමන් සතුටු වන බවද හර්ෂ ද සිල්වා වැඩිදුරටත් අවධාරණය කළේය.