32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalවිධායකය අහෝසි කරනවා නම් 21ට අපේ සහාය දෙනවා

විධායකය අහෝසි කරනවා නම් 21ට අපේ සහාය දෙනවා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකයන් පිරිසක් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී 21 වැනි සංශෝධනයට සහාය දක්වනවාද නැද්ද යන්න පිළිබඳ සාකච්ඡා වී ඇති අතර 21 වැනි සංශෝධනය ගෙන ඒමට පෙර රටේ ප්‍රශ්න විසඳිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා තිබේ.

වැඩිදුරටත් අදහස් දක්වා සිටි මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා නම් 21ට පක්ෂව ඡන්දය ලබාදෙන බවයි.

පාර්ලිමේන්තුව ශක්තිමත් කරන සංශෝදනයකට සහය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ නමුත් බලයක් නොමැති අගමැති කෙනෙකු අතට විධායක බලතල ලබාදීමට තම පක්ෂය විරුද්ධ බව ප්‍රකාශ කළේය.