28.9 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහොරෙන් රට පනින්න හැදූ 64ක් නාවික හමුදා භාරයට

හොරෙන් රට පනින්න හැදූ 64ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (15) උදෑසන නැගෙනහිර මුහුදේ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන පුද්ගලයින් 64 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් 07 දෙනෙකු ඇතුළු පිරිමි පුද්ගලයින් 50 දෙනෙකුද, කාන්තාවන් 11 දෙනෙකු සහ වයස අවුරුදු 02 සිට 55 දක්වා වූ ළමුන් 03 දෙනෙකුද සිටින බව සඳහන්ය.

සැකකරුවන් ත්‍රිකුණාමලය, මුලතිව් සහ යාපනය ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වී ඇති අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් ත්‍රිකුණාමලය වරාය පොලිසිය වෙත භාරදීමට නියමිතය.