27.8 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews2021 ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමට රුපියල් මිලියන 45,674ක පාඩුවක්

2021 ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමට රුපියල් මිලියන 45,674ක පාඩුවක්

2021 ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම රුපියල් මිලියන 45,674ක ශුද්ධ පාඩුවක් ලබා ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නවතම වාර්තාවෙන් අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය පාඩු ලබන තත්ත්වයකදී වුවත් ඉහළම කළමනාකරණ නිලධාරියකු සඳහා රුපියල් මිලියන 3.1ක මුදලක් වැටුප් වශයෙන් ගෙවා ඇති බවත් එහිදී අනාවරණය වී ඇත.

අදාල මුදල් ගෙවීම සඳහා කැබිනට් පත්‍රිකා මගින් සහ මහජන අරමුදල්වලින් මුදල් සැපයීම පොදු ව්‍යාපර පිළිබඳ කාරක සභාවේ දැඩි අවධානයට ලක් වී ඇත.

2020 වසරේදී මහා භාණ්ඩාගාරය මගින් අතිරේක ප්‍රාග්ධනය යෙදවීමක් සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති අතර ආයතනය නිසි පරිදි ප්‍රාග්ධනීකරණය කර තිබුණා නම් මෙවැනි තත්ත්වයටක් උදා නොවන බව කාරක සභාවේ අදහසයි.

පාඩු ලබන ජාතික ගුවන් සේවා සමාගමක් ප්‍රායෝගික නොවන සැලසුම් මත තවදුරටත් මහජන බදු මුදලින් පවත්වාගෙන යා යුතුද යන්න පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බව කාරක සභාව සිය වාර්තාවේ සඳහන් කර තිබේ.