29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalඇමති බන්දුලගේ පම්පෝරි කතා ඔක්කොම බොරු

ඇමති බන්දුලගේ පම්පෝරි කතා ඔක්කොම බොරු

කොළඹ බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොලේ බස් රථ සඳහා එම ස්ථානයේ ඉන්ධන පිරවුම් දෙකකින් ඩීසල් ලබා දෙන බවට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ (15) පොරොන්දුවක් ලබා දුන් නමුත් අද දිනයේදී කිසිඳු බස් රථයකට ඩීසල් ලබා දී නොමැති බව අනාවරණය වී තිබේ.

බස් රථ රියදුරන් චෝදනා කරන්නේ ඇමතිවරයා කළ ප්‍රකාශයක් බොරුවක් බවත් තමන් දවස් දෙක තුනක් පෝලිම්වල රැඳී සිටිමින් ඩීසල් ලබා ගෙන බස් ධාවනය කළ බවත්ය.

බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොලේ පිරවුම්හල් දෙකක් ස්ථාපිත කරන බවට ප්‍රවාහන ඇමතිවරයා ප්‍රකාශ කළද මේවන විට එම ස්ථානයේ ඇත්තේ පොම්පයක් සහ ටැංකියක් පමණකි.

අද දිනයේ පැමිණ තිබෙන්නේ මෙට්‍ර්ක් ටොන් 40,000ක නැවක් බවත් එම නැවේ තිබෙන ඩීසල් මේවන විට ලබා දෙන ධාරිතාවයෙන් ලබා දුන්නොත් පොදු ප්‍රවාහනයට ලබා දිය හැක්කේ තවත් සති දෙකක කාලයකට පමණක් බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

පෞද්ගලික බස් රථ ධාවනය සියයට 80 කින් පමණ නතර වී ඇති බව පෙනවා දුන් ඔහු කියා සිටියේ සාමාන්‍යයෙන් බස් රථ 25ක්, 30 ක් පමණ ධාවනය වන ඇතැම් මාර්ගවල ඊයේ දිනය වන විට බස් රථ දෙකක් පමණක් ධාවනය වන තත්වයට පත්ව තිබූ බවයි.

මේ හේතුවෙන් මගීන් දැඩි දුෂ්කරතාවයට පත්ව තිබේ.