26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalතරුණයන්ට වගා කරන්න ජනපතිගෙන් ඉඩම්

තරුණයන්ට වගා කරන්න ජනපතිගෙන් ඉඩම්

රජය සතු සහ වගා නොකළ ඉඩම් හඳුනාගෙන ඒවා වගා කිරීමට උනන්දුවක් දක්වන තරුණ තරුණියන් වෙත කඩිනමින් ලබාදීමට පියවර ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ රාජ්‍ය වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් ඊයේ (15) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවැති සාකච්ඡාවකදීය.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන පුළුල් කර එම සේවාවන් වඩාත් කාර්යක්ෂමව දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් ලබාදීමට හැකි බවත් එවැනි ප්‍රධාන ආයතන ඒකාබද්ධ කිරීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවද වගා කටයුතුවල නිරත වීමට සූදානමින් සිටින බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.