― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeNewsPoliticalරටේ ඖෂධ හිඟයක් නැහැ - කෙහෙළිය රඹුක්වැල්ල

රටේ ඖෂධ හිඟයක් නැහැ – කෙහෙළිය රඹුක්වැල්ල

රටේ ඖෂධ හිඟයක් නොමැති බවත් පවතින තත්වය කළමනාකරණය කරගැනීමේ හැකියාව පවතින බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) චීනයෙන් පරිත්‍යාග වශයෙන් ලැබුණු ඖෂධ තොගයක් භාරගැනීමේ උත්සව අවස්ථාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

බෙහෙත් හිඟයක් කියන එක හරිම වැරදියි. එහෙම බෙහෙත් හිඟයක් හෝ දැවැන්ත ප්‍රශ්නයක් නෙවෙයි මේ වෙලාවේ තියෙන්නෙ. මේ වෙලාවේ යම් ප්‍රශ්නයක් තියෙනවා, නමුත් අපට අවශ්‍යතාවය බෙදා හදාගෙන වැඩ කරගන්න පුළුවන්. මේ මාස එකහමාර විතරයි අපට ප්‍රශ්නය තියෙන්නෙ. අගෝස්තු මාසයේ ඉඳන් ඊගාව අවුරුදු එකහමාරටම බෙහෙත් ගන්න මට සල්ලි ලැබිලා තියෙනවා