28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalආර්ථික අර්බුදයෙන් ලංකාව ගොඩගත්තෙ රනිල්

ආර්ථික අර්බුදයෙන් ලංකාව ගොඩගත්තෙ රනිල්

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයට පත්වී මාසයක් ඇතුළත රට මුහුණ දී ඇති ප්‍රධාන ගැටලුවලට විසඳුම් ලබාදීමට පියවර රැසක් ගෙන ඇති බවත් තවත් ප්‍රශ්න රැසක් සමඟින් ඉදිරියට යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බවත් එක්සත් ජාතික පක්ෂ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසීය.

හෙතෙම මේ බව අවදාරණය කළේ සිරිකොතදී පැවති මාද්‍ය හමුවකට එක්වෙමිනි.

රනිල් වික්‍රමසිංහ වගකීම භාර නොගත්තේ නම් රට තුළ විශාල විනාශයක් සිදු වීමට ඉඩ තිබූ බවත් පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවන්නට තිබූ ව්‍යසනය රනිල් වික්‍රමසිංහ විසින් වළක්වා ගත් බවත් පාලිත රංගේ බණ්ඩාව එහිදී කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ විවේචනයට ලක් කරන්නේ වගකීම භාරගැනීමට මැලිවන පිරිස් බවයි.