22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකලු සල්ලි සුදු කෙරූ 04ක් අත්අඩංගුවට

කලු සල්ලි සුදු කෙරූ 04ක් අත්අඩංගුවට

රුපියල් එක්කෝටි අසූහය ලක්ෂ අනූපන්දහසක මුදලක් හා රුපියල් ලක්‍ෂ හතරකට අධික වටිනාකමින් යුත් විදෙස් මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකාය පිටකොටුවේදී පුද්ගලයින් 04ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ගෝනහේන කඳවුරේ විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර වැල්ලවත්ත, කොළඹ 15, අලුත්කඩේ සහ කොළඹ 10 යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25, 31, 41, 51 යන වයස්වල පසුවන පුද්ගලයන් 04ක් මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත භාර දී තිබේ.

මෙම වැටලීමේදී ශ්‍රී ලංකා වලංගු මුදලින් රුපියල් 18,695,000ක්, විදෙස් මුදල් රුපියල් 432,502ක් (ඉන්දියන් රුපියල් 10 නෝට්ටු 16 යි, ඉන්දියන් රුපියල් 20 නොට්ටු 06යි, කුවේට් ඩිනාර් 01 නොට්ටු 07ක්, කටාර් රියාල් 100 නෝට්ටු 01ක්, සිංගප්පූරු ඩොලර් 50 නෝට්ටු 01ක්, ඇමරිකන් ඩොලර් 100 නෝට්ටු 09ක්, යුරෝ 200 නෝට්ටු 01ක්), ජංගම දුරකථන 04ක් සහ ගනුදෙනු සටහන් කළ ලේඛන 02ක් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.