29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකොළඹ වරායේ වැඩිම වියදම කජුවලට

කොළඹ වරායේ වැඩිම වියදම කජුවලට

කොළඹ වරායේ ආහාර සඳහා වෙන් කෙරෙන මුදලින් බාගයක්ම වැය වන්නේ කජු සඳහා බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට තොරතුරු අනාවරණය වී තිබේ.

අමාත්‍යවරයා කොළඹ වරායේ මුලුතැන්ගෙය පරික්ෂා කළ අවස්ථාවේදී මේ බව අනාවරණය වී ඇති අතර එහිදී අමාත්‍යවරයා කොළඹ වරාය මුළුතැන්ගෙයි නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ කජු වෙනුවට වෙනත් ආදේශක ආහාර එහි කෑම වේලට එකතු කරගන්නා ලෙසයි.

එසේම කොළඹ වරායේ ආහාර වේලක් සඳහා රුපියල් හාරසිය පනහකට ආසන්න මුදලක් වැය වන බව තොරතුරු අනාවරණය වී ඇත.

කොළඹ වරායේ මුළුතැන්ගේ සඳහා ලියාපදිංචි නොමැති ආයතන වෙතින් භාණ්ඩ මිලදී ගැනීම් පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත් මුළුතැන්ගේ ප්‍රතිසංස්කරණය කිරීමට හෝ වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුමක් සකස් කරන ලෙසත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කොළඹ වරායේ උප සභාපතිවරයාට උපදෙස් දී තිබේ.

කොළඹ වරාය මුළුතැන්ගෙයින් දිවා ආහාරය සඳහා සේවකයන් පන්දහසකටත් රාත්‍රී ආහාරය සඳහා සේවකයන් 3500කටත් ආහාර සැපයෙන බව එහිදී තොරතුරු අනාවරණය විය.

එහෙත් මුළුතැන්ගෙය සඳහා සූපවේදියකු නොමැති බව එහි සේවකයන් අමාත්‍යවරයාට පවසා ඇති අතර වහාම එම පුරප්පාඩුවට සුදුස්සකු බඳවා ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.