26 C
Colombo
Saturday, October 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුරුවරුන්ට ළඟම පාසලේ සේවය කිරීමට අවස්ථාව

ගුරුවරුන්ට ළඟම පාසලේ සේවය කිරීමට අවස්ථාව

වාහන තදබදය මඟහරවා ගැනීම සඳහා ගුරුවරුන් තම නිවෙස්වලට ආසන්න පාසල්වල සේවයට සම්බන්ධ කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙම තීරණය දෙසැම්බර් 31 වැනිදා දක්වා බලපැවැත්වෙන බවත් ඒ සඳහා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරුන්ට සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට බලය පවරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

ජාතික පාසලක් හෝ සාමාන්‍ය පාසලක් යන භේදයකින් තොරව ගුරුවරුන් බඳවා ගත හැකි බව නිවේදනයේ දක්වා තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ සිසුන්ට බාධාවකින් තොරව අධ්‍යාපනය ලබාදීමට මෙම තීරණය ගෙන ඇති බවයි.