― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදුම්රිය දෙපාර්තමේන්තුවට කෝටි ගානක පොල්ලක්

දුම්රිය දෙපාර්තමේන්තුවට කෝටි ගානක පොල්ලක්

දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීම වෙනුවෙන් ආයතන 31කින් දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබිය යුතු රුපියල් 118,934,728ක හිඟ ආදායම අය කර ගැනීමට නොහැකි වී ඇති බව අනාවරණය වී තිබේ.

ජාතික විගණන කාර්යාලය විසින් දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2020 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවෙන් මේ බව අනාවරණය වී ඇත.

භාණ්ඩ ප්‍රවාහනය කිරීමෙන් ආයතන 16කින් ලැබිය යුතු රුපියල් 20,307,403ක මුදල වසර 20ක කාලයක සිට හිඟ මුදල් වශයෙන් පවතින බව විගණනය මගින් අනාවරණය වී තිබේ.

වසර ගණනාවක සිට ලැබිය යුතු හිඟ මුදල් නිරවුල් කරන මෙන් අදාළ ආයතන වෙත දුම්රිය දෙපාර්තමේන්තුව මගින් යවන ලද ලිපි එවැනි ආයතනයන් නොමැති බව දන්වා නැවත හරහා එවා තිබේ.

එමෙන්ම මෙම ආයතන වර්ෂ ගණනාවක සිට වෙළඳ බිල්පත් ක්‍රමය යටතේ භාණ්ඩ ප්‍රවාහනය වෙනුවෙන් ක්‍රියාත්මක වී ඇති අතර ඒ අනුව අදාළ හිඟ මුදල අය කර ගැනීමට නොහැකි වී තිබේ.