― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදෙවන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

දෙවන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (16) පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්වුණු අතර තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 220ක් රැස්කරගැනීමට සමත්විය.

කෙසේවෙතත් 47 වන පන්දුවාරයේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමග ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරගය ජයගැනීම සඳහා පන්දුවාර 43කදී ඔස්ට්‍රේලියාවට ලැබී තිබූ ඉලක්කය ලකුණු 216කි.

ඒ අනුව ඔස්ට්‍රේලියාව සියලුදෙනා දැවී ලකුණු 189ක් ලබා ගත්තේය.

දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා නායකයා පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිස්සංකගේ ආරම්භක පිතිකරු සබඳතාව ලකුණු 26කට සීමා වුණි.

පැතුම් නිස්සංක ලකුණු 14කට දැවීගියේ අද තරගයේදී එක්දින වරම් දිනා ගත් මැතිව් කුනමන් යැවූ පන්දුවක් හමුවේය.

අනතුරුව ධනුෂ්ක ගුණතිලක ලකුණු 18කට දවා ගැනීමට පැට් කමින්ස් සමත්වුණි.

කුසල් මෙන්ඩිස් ලකුණු 36ක් රැස්කළ අතර ධනංජය ද සිල්වා සහ නායක දසුන් ශානක ලකුණු 34 බැගින් රැස් කළහ.

පන්දුයැවීමේදී පැට් කමින්ස් ලකුණූ 35කට කඩුලු 4ක් දවා ගත්තේය.

තරගයේ 48 වන පන්දුවාරය ක්‍රියාත්මක වන අවස්ථාවේ ක්‍රීඩාංගණයට ඇදහැලුනු වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලික නතර කෙරුණු අතර ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47 යි පන්දු 4ක් අවසානයේ කඩුලු 9ක් දැවි ලකුණු 220ක් ලබා ගත්තේය.

තරගය පැයකට අධික කාලයක පසු යළි ආරම්භ කෙරුණේ ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 43කදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 216ක ඉලක්කයක් ලබාදෙමිනි.

ඔස්ට්‍රේලියා ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි ආරොන් ෆින්ච් සහ ඩේවිඩ් වෝර්නර් පළමු කඩුල්ල සඳහා ලකුණු 39ක සබඳතාවක් ගොඩනැගුවා.

ආරොන් ෆින්ච් ලකුණු 14ක් ලබා සිටියදී ධනංජය ද සිල්වා යැවූ පන්දුවක් හමුවේ දැවී ගියේ ඔස්ට්‍රේලියා ඉනිමේ පළමු කඩුල්ල ලෙසයි.

යළි ක්‍රියාත්මක වූ ධනංජය ද සිල්වා ඔස්ට්‍රේලියා ලකුණු පුවරුව ලකුණු 62ක් තිබියදී ලකුණු 37ක් ලබා සිටි ඩේවිඩ් වෝර්නර් දවා ගැනීමට සමත්වුණි.

ඔස්ට්‍රේලියා ඉනිමේ 3වන කඩුල්ල ලෙස ස්ටීව් ස්මිත් ලකුණු 28ක් ලබා සිටියදි දැවී ගියේය.

ඒ චාමික කරුණාරත්න යැවූ පන්දුවක් හමුවේය.

ඔස්ට්‍රේලියා ලකුණු පුවරුව ලකුණු 123ක් තිබියදී ට්‍රාවිස් හෙඩ් ලකුණු 23කට දවා ගැනීමට යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සමත්වුණි.