27 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපල්ලෙකැලේදී පොලීසියට පාට් දැමූ 04ක් අත්අඩංගුවට

පල්ලෙකැලේදී පොලීසියට පාට් දැමූ 04ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන එක්දින තරගය පැවති පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අසළදී කලහකාරී ලෙස හැසිරුණු විශ්වවිද්‍යාල සිසුන් තිදෙනෙකු සහ සිසුවියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (16) තරගය නැරඹීම සඳහා පැමිණි ප්‍රේකෂකයින්ගේ ප්‍රවේශපත්‍ර පරීක්ෂා කරන අවස්ථාවේ දී බීමත්ව පැමිණි පිරිසක් පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන තර්ජනය කර ඇති බව වාර්තා වෙයි.

එහිදී එම පිරිස පාලනය කිරීමට පොලිස් නිලධාරීන් ගත් උත්සාහයේ දී ඔවුන් අතර සිටි කිහිපදෙනෙකු එම නිලධාරීන්ට සාපරාධී බලහත්කාරකමක් සිදුකළ බවත් පසුව එම සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24 සහ 28 හැවිරිදි වියේ පසුවන අකුරම්බොඩ, කුරුණෑගල, කොස්ලන්ද සහ කැකිරාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් සිව්දෙනෙකි.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය අද (17) තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.