― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsමෙරට ආර්ථික අර්බුදය විසඳන්න පකිස්තානයේ සහය

මෙරට ආර්ථික අර්බුදය විසඳන්න පකිස්තානයේ සහය

පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට තම රජයේ පූර්ණ සහාය ලබාදෙන බව පකිස්ථානු මහකොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) උමාර් ෆාරුක් බුර්කි පැවසීය.

උමාර් ෆාරුක් බුර්කි මහතා මේ බව සඳහන් කළේ අද (17) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමේ අවස්ථාවට එක්වෙමිනි.

දෙරට අතර සමීප සහ බහුපාර්ශ්වික සබඳතාව, දේශපාලන, වෙළෙඳ, සංස්කෘතික, ආරක්ෂක, සංවර්ධන සහයෝගීතාව තවදුරටත් තහවුරු කරන බව මහ කොමසාරිස්වරයා පැවසීය. මානුෂීය ආධාර ලෙස තෝරාගත් ඖෂධ මෙරටට ලබාදීම, එරට උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ශ්‍රී ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පකිස්ථාන රජයට ස්තූතිය පළ කළේය.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වර්තමාන ආර්ථික අර්බුදය පිළිබඳ ජනාධිපතිවරයා මහ කොමසාරිස්වරයා දැනුවත් කරනු ලැබූ අතර පවතින තත්ත්වයෙන් මිදීමට පකිස්ථාන රජයේ සහාය ලබාදෙන බවත් කඩිනමින් ශ්‍රී ලංකාව සාමාන්‍ය තත්ත්වයට පත්වීමට තමා ප්‍රාර්ථනා කරන බවත් උමාර් ෆාරුක් බුර්කි මහතා පැවසීය.