― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලංකාව ස්ථාන 13කින් ඉදිරියට

ලංකාව ස්ථාන 13කින් ඉදිරියට

ලොව වඩාත් සාමකාමී රටවල් ලැයිස්තුවේ ස්ථාන 13ක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට 90 වන ස්ථානය හිමිවී ඇත.

ඒ සඳහා ත්‍රස්තවාදී ක්‍රියා, දේශපාලන අස්ථාවරභාවය, යුක්රේන රුසියා ගැටුම් ආදී සාධක රැසක් මෙවර දර්ශකය සකස් කිරීමේදී පාදක කරගෙන ඇත. ඒ අනුව 2022 ලොව වඩාත් සාමකාමී රටවල් ලැයිස්තුවේ මෙවර පළමු ස්ථානය හිමිකරගෙන තිබෙන්නේ අයිස්ලන්තයයි.

නවසීලන්තය, අයර්ලන්තය, ඩෙන්මාර්කය සහ ඔස්ට්‍රියාව පිළිවෙලින් මුල් ස්ථාන 05 රැඳී සිටින අතර මෙම දර්ශකයේ පහළම ස්ථාන 05 හිමිකරගෙන තිබුණේ, ඇෆ්ඝනිස්ථානය, යේමනය, සිරියාව, රුසියාව සහ දකුණු සුඩානයයි.

රටවල් 90ක් 2021 වසරට සාපේක්ෂව ප්‍රගතියක් පෙන්නුම් කර ඇති අතර රටවල් 71 ක් පසුබෑම් පෙන්නුම් කර තිබේ.

මෙවර වඩාත් සාමකාමී රටවල් ලැයිස්තුවේ ඕස්ට්‍රේලියාවට මෙවර ලැබී ඇත්තේ 27 වන ස්ථානයයි. එය පසුගිය වසරට වඩා ස්ථාන 09ක පහළ යාමක් වන අතර චීනය සමඟ ඇතිව පවතින මතභේදය ඊට ප්‍රධාන හේතුව වී තිබේ.