― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsළඟදීම සලාක ක්‍රමයට ඉන්ධන ලබාදෙනවා - කංචන

ළඟදීම සලාක ක්‍රමයට ඉන්ධන ලබාදෙනවා – කංචන

දෛනික අවශ්‍යතාවට ප්‍රමාණවත් පරිදි දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම සිදු කළ නොහැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් සහ ඒවාට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය පිළිබඳව පෙර දිනයේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෙබ් අඩවිය සහ යෙදවුම මඟින් ප්‍රකාශයට පත් කර කරන බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

මේ අතර දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 2600කට සීමා කරමින් ඉන්ධන නිකුත් කෙරෙන බව අමාත්‍යවරයා පැවසීය.

දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම සඳහා ඇත්තේ ටැංකි රථ 450ක් පමණ බැවින් එක් දිනක් තුළ සියලු පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීමට හෝ එක් පිරවුම්හලකට එක් දිනකදී කිහිපවරක් ඉන්ධන නිකුත් කිරීමට හැකියාවක් නොමැති බවත් හෙතෙම කියා සිටියේය.

ඒ අනුව පිරවුම්හල්වල ඉන්ධන ප්‍රමාණයට සරිලන පිරිසකට වඩා වැඩියෙන් පෝලිම්වල රැඳී නොසිටින ලෙස බලශක්ති අමාත්‍යවරයා ජනතාවට දැනුම් දෙනු ලබන අතරම ලබන 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව කියන සලාක ක්‍රමයට ඉන්ධන ලබාදීමේ වැඩසටහන ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වෙයි.