― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalගෝඨාභයගේ උපන්දිනය දා අරගලයෙන් ජාතික ශෝක දිනයක්

ගෝඨාභයගේ උපන්දිනය දා අරගලයෙන් ජාතික ශෝක දිනයක්

හෙටට (20) යෙදී ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපන්දිනය දා ජනතා ශෝක දිනයක් ප්‍රකාශයට පත්කිරීමට ගාලුමුවදොර අරගලකරුවන් සූදානම් වන බව අපට වාර්තා වනවා. මේ ගැන අදහස් දක්වන අරගලකරුවකු අප සමග මෙසේ අදහස් පළ කළා.

“ගෝඨාභය රාජපක්ෂ කියන්නෙ කිසිදු විවාදයකින් තොරව මේ රටට බිහි වූ අසාර්ථකම සහ උද්ධච්චම පාලකයෙක්. තමන්ට බැරි බව ඔප්පු වුණාම බැරි බව පිළිඅරගෙන ගෙදර යනවා වෙනුවට තාමත් ලජ්ජා නැතුව පුටුවේ රැඳී ඉන්න මිනිහෙක්. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව තීරණ ගැනීම සහ පස්සේ ඒවා රිවර්ස් කිරීම නිසා ජාතික විහිළුවක් බවට පත්වෙලා ඉන්න මිනිහෙක්. මේ මෝඩ අදූරදර්ශී පාලකයා නිසා අද වෙනකොට අපට තෙල් නෑ. ගෑස් නෑ. බෙහෙත් නෑ. ළමයින්ට ඉගෙනගන්න නෑ. විශ්වවිද්‍යාල වහලා. පාරවල බස් නෑ. කොටින්ම රටම අඳුරු වෙලා. රටම මූසල වෙලා. ගෝඨාභය බලයට ආපු අධාර්මික විදිය එක්ක මේවා වෙන බව අපේ මිනිස්සුන්ට කලින් හිතන්න තිබුණා. මීට කලින් මේ රටේ කිසිම පාලකයෙක් බුදුහාමුදුරුවන්ගේ නම විකුණලා කැම්පේන් කරලා නෑ. ගෝඨාභය ඒ මට්ටමට පවා වැටුණා. පාස්කුව පවා විකුණගෙන කෑවා. ඒ සාප තමයි මේ පලදෙන්නේ. අධාර්මික පාලකයන් නිසා රටේ මිනිස්සු දුක් විඳින්න ඕන නෑ. මේ මූසල පාලකයා ගෙදර යන්න ඕන. ඒකයි අපි අවධාරණය කරන්නේ”

හෙට දිනයේ වැඩසටහන ගැන අප ඇසු පැනයට ලැබුණේ මෙවැනි පිළිතුරක්.

“හෙට දිනයේ වැඩසටහන කලින් කියන්න බෑ. මොකද නැත්නම් ආණ්ඩුවේ හෙංචයියන් ඒක කඩාකප්පල් කරන්න ඉඩ තියෙනවා. නමුත් අපි ආරාධනා කරනවා මුළු රටේම ජනතාවට හෙට කළු කොඩි, කළු පටි ආදිය බැඳලා, ගෙවල්වල කළුකොඩි දාලා, කළු ඇඳුම් ඇඳලා, සම්පූර්ණයෙන්ම ජාතික ශෝක දිනයක් ලෙස හිතාගෙන හැසිරෙන්න කියලා.”

ජනාධිපති ගෝඨාභයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් අරගලකරුවන් ගාලුමුවදොරට පැමිණ කරන අඛණ්ඩ උද්ඝෝෂණයට අදට දින දින 70ක්.