29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 50ක ආධාරයක්

ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 50ක ආධාරයක්

ශ්‍රී ලංකාවට හදිසි ආහාර සහ ඖෂධ ලබාගැනීම සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 50ක ආධාරයක් ලබාදෙන බව ඔස්ට්‍රේලියාව පවසයි.

එම ණය මුදල ‘නිල සංවර්ධන සහයෝගිතාව’ යටතේ ලබාදෙන බව එරට විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස එම ණය මුදලෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 22ක් ලෝක ආහාර වැඩසටහන හරහා මිලියන තුනක පිරිසකගේ දෛනික ආහාර අවශ්‍යතා සැපිරීමට යෙදවීමට නියමිතය.

තවත් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 23ක් 2022/23 කාලයේදී ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා සහාය වීමට ලබාදීමට නියමිත් අතර එම මුදල් සෞඛ්‍ය අංශයට සහ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට යොදනු ලබයි.