25 C
Colombo
Wednesday, November 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීන ජනපතිගෙන් විශේෂ පණිවුඩයක්

චීන ජනපතිගෙන් විශේෂ පණිවුඩයක්

චීනය සහ ශ්‍රී ලංකාව අතර සිදුකෙරෙන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට දෙරටේම බලධාරීන් එකඟ වී තිබේ.

ඒ අනුව මෙම සතිය තුළදී චීනයේ සිට මෙරටට ගුවන් ගමන් වාර 03ක් සිදුකරන බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙනු ලබයි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී සෙන්හොන්ග් මේ බව සඳහන් කර ඇත්තේ පසුගියදා ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වූ අවස්ථාවේදීය.

මේ අතර චීන ජනාධිපති ෂී ජින් පින් එවූ විශේෂ පණිවුඩයක් එම අවස්ථාවේදී චීන තානාපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

රට මේ වනවිට මුහුණ පා සිටින ආර්ථික අර්බුදය හමුවේ මිත්‍ර රටක් ලෙස චීනය ලබාදෙන සහාය පිළිබඳ ජනාධිපතිවරයා සිය ප්‍රශංසාව පළ කර තිබේ.