― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපෞද්ගලික අංශයටත් නිවසේ සිට වැඩ කරන්න කියයි

පෞද්ගලික අංශයටත් නිවසේ සිට වැඩ කරන්න කියයි

පෞද්ගලික අංශයේ සේවකයන්ටත් නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය අනුගමනය කරන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඔහු පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍ය සේවකයන් පමණක් සේවයට කැඳවා නිවසේ සිට වැඩ කළ හැකි සේවකයන්ට ඊට අදාල පහසුකම් සපයන ලෙසයි.

සීමිත ඉන්ධන තොග ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ඇමතිවරයා මෙම යෝජනාව සිදු කරයි.

සේවා සැපයීමේදී හැකිතරම් අන්තර්ජාලය භාවිතා කරන ලෙසත් රැස්වීම් සඳහා පිට පළාත්වල සේවකයන් කැඳවීම වෙනුවට අන්තර්ජාලය හරහා එම රැස්වීම් පවත්වන ලෙසත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර ඇමතිවරයා සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විනෝද ගමන් ඇතුළු අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී ඉන්ධන ආරක්ෂා කර ගැනීම සඳහා රජයට හැකිතරම් සහාය ලබාදෙන ලෙසයි.