31.1 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමන්දපෝෂණයෙන් ලංකාව දෙවැනි තැනට

මන්දපෝෂණයෙන් ලංකාව දෙවැනි තැනට

අවුරුදු පහට අඩු ළමුන් අතර උග්‍ර මන්දපෝෂණ අනුපාතය අතින් දකුණු ආසියාවේ දෙවන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

යුනිසෙෆ් සංවිධානය විසින් මේ බව තහවුරු කර ඇති අතර වර්තමාන ආර්ථික අර්බුදය ළමා මන්දපෝෂණය උග්‍රවීමට හේතුවක් වී තිබේ. ළමුන් ලක්ෂ දාහකට මෙම තත්ත්වයට මුහුණදීමට සිදුවන බව යුනිසෙෆ් සංවිධානයේ මෙරට ප්‍රකාශක බිස්මාර්ක් ස්වංගින් විදෙස් මාධ්‍යයකට ප්‍රකාශ කර තිබේ.

පවුල් දහයකින් හතක්ම ආහාර ගැනීම අඩුකර ඇති බවට එම දත්ත වාර්තා පෙන්වා දී ඇති අතර යුනිසේෆ් සංවිධානය ශ්‍රී ලංකාවේ ළමුන් මිලියන එකයි දශම හතක් සඳහා මානුෂීය ආධාර ලබා දීම වෙනුවෙන් ඩොලර් මිලියන විසිපහක ප්‍රදානයක් ඉල්ලුම් කර තිබේ.