27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමහින්ද ඉල්ලා අස්වීමෙන් කළ වරද නිවැරදි කරනවා

මහින්ද ඉල්ලා අස්වීමෙන් කළ වරද නිවැරදි කරනවා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මාර්තු මාසයේ සිට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය තමන්ට ඇති බවත් මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් කළ වරද නිවැරදි කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු හමු වූ අවස්ථාවේදීය.

මාර්තු මාසයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඉඩ සලසන ලෙස පොදුජන පෙරෙමුණු මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම ජනාධිපතිවරයා පිළිගෙන තිබේ.

එහිදී මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට පවසා ඇත්තේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් ඇති, මිලියන 69ක ජනතාවගේ සහය ඇති පොදුජන පෙරමුණෙන් කෙනෙකු පත් නොකර වෙනත් පක්ෂයක අයෙකු අගමැති කිරීම ගැන ලැජ්ජා විය යුතු බවයි.

ලබන මාර්තු මාසයෙන් පසු සාමාජිකයින්ගේ අපේක්ෂාවන් ඉටු වනු ඇති බව පැවසූ ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ එතෙක් ඉවසීමෙන් කටයුතු කර ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට හැකිවන පරිදි පොදුජන පෙරමුණ ගම් මට්ටමේ සිට පරිවර්තනය කළ යුතු බවයි.