― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමහින්ද, රනිල් හා ගෝඨාට නඩු

මහින්ද, රනිල් හා ගෝඨාට නඩු

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුත්තන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා කෝරි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සහ තවත් තිදෙනෙකු විසින් මහාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, නීතිපති, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල්, එස්.ආර්. ආටිගල සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු 13 දෙනෙකු එහි විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.

2019 දී ලබාදුන් නීතිවිරෝධී සහ අත්තනෝමතික බදු සහන හේතුවෙන් රාජ්‍ය ආදායම අඩුවීම, නීතිවිරෝධී බදු සහනය ඉවත් කර ගැනීමට අපොහොසත් වීම ඇතුළු කරුණු එහි පෙන්වා දී ඇත.

ෆිච් ශ්‍රේණිගත කිරීම පහත වැටීම නිවැරදි කිරීමට පියවර නොගැනීම සහ රුපියලේ අගය පවත්වා ගැනීමට අපොහොසත් වීම වැනි කරුණුද ඊට ඇතුළත්ය. වත්මන් ආර්ථික අර්බුදය උග්‍ර කිරීමට නීති විරෝධී, අත්තනෝමතික සහ අසාධාරණ ක්‍රියා සම්බන්ධයෙන් ඔවුන් වගකිව යුතු බව පෙත්සමෙහි සඳහන් වේ.