28.9 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඉවසීමෙන් ඉන්න - මේ ගෙවන්නේ අමාරුම කාල පරිච්ඡේදයක්

ඉවසීමෙන් ඉන්න – මේ ගෙවන්නේ අමාරුම කාල පරිච්ඡේදයක්

පවතින දුෂ්කර කාලසීමාව ලබන මාසයේ මැද භාගය වන විට යම් සහනදායි මාර්ගයකට පිවිසිය හැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (21) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

අමාරුම කාල පරිච්ඡේදයක් ගෙවන්නේ. ලබන මාසය වන විට යම් සහනදායි මාර්ගයකට ගමන් කරන්න පුළුවන් වේවි. එතෙක් ඉවසීමෙන් ඉන්න. අපි හැමෝම නිමුනේ නැත්නම් මේ රට ආයෙත් අසූ ගණන්වල තිබුණ තත්ත්වයට යන්න පුළුවන්.