30 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජූලි 06 වැනිදා යූරියා නැවක් මෙරටට

ජූලි 06 වැනිදා යූරියා නැවක් මෙරටට

යල කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය යූරියා පොහොර තොග රැගත් නෞකාව ජුලි මස 06 වැනිදා මෙරටට ළඟා වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (21) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙම පොහොර තොගය ශ්‍රී ලංකාවට ලැබෙන අතර එය මෙට්‍රික් ටොන් 65,000කින් සමන්විතය.

ඕමානයේ සිට ඉන්දියාවට පොහොර රැගෙන එන නෞකාවෙන් මෙරටට පොහොර ගොඩබෑමට නියමිතය. පොහොර තොගය ගොඩබෑමෙන් අනතුරුව ඇසුරුම් කර කඩිනමින් ගොවීන් වෙත ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම ඇමතිවරයා පවසයි.