26.1 C
Colombo
Thursday, August 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජොනීගේ පෙත්සම අධිකරණයෙන් විසිවෙයි

ජොනීගේ පෙත්සම අධිකරණයෙන් විසිවෙයි

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ගොනු කළ රීට් පෙත්සමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගිය මැයි 09 වැනිදා ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් තමන්ව සැකකරුවෙකු ලෙස නම් කොට අත්අඩංගුවට ගැනීමට ගැනීමේ සූදානමක් පවතින බැවින් එය වැළැක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක නොකරන ලෙසද අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉකුත් ජුනි මස 09 වෙනිදා නියෝග කරනු ලැබීය.