25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමට බලය දෙන්න - රට කරන හැටි මං පෙන්වන්නම්

මට බලය දෙන්න – රට කරන හැටි මං පෙන්වන්නම්

ජනතාව තවදුරටත් අපහසුතාවයට පත් නොකර තමාට රට බාර දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ‘ජාතිය සුරකින සතිය’ ලෙස නම් කර ඇති අරගල සතිය පිළිබඳ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස කියා සිටියේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් තමන් ළඟ තිබෙන බවත් එක්සත් ජනතා බලවේගය ප්‍රමුඛ සර්ව පාක්ෂික අතුරු ආණ්ඩුවක් පිහිටුවීමට තමන් සූදානම් බවත්ය.

ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීමෙන් පසු නුදුරේදීම නව ජනවරම ලබා දෙන බව පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වසර පහක පාලනය දිගටම පවතිනු ඇති බවයි.