― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsමේ මස අවසානයේදී මෙරට උද්ධමනය 75%ක්!

මේ මස අවසානයේදී මෙරට උද්ධමනය 75%ක්!

ජූනි මාසය අවසන් වන විට රටේ උද්ධමනය 75%ක් විය හැකි බව මහ බැංකුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ නීතිඥ නිමලා සිරිවර්ධන පැවසුවාය.

ඇය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20) ජවිපෙ මූලස්ථානයේ පැවති නීතිඥවරුන්ගේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙම බරපතළ උද්ධමනය හෙතුවෙන් අප දෙවන වන්නේ, සිම්බාබ්වේ ‍රටට පමණක් බවත් එය ජනතාවට දරාගත නොහැකි වනු ඇති බවත් ඇය එහිදී අනතුරු ඇන්ගවූවාය.

අප්‍රේල් මාසයේදී ඉන්ධන ගෙන්වීමට ඩොලර් මිලියන 700ක් වැය කර තිබෙන බව පැවසූ ඇය වැඩිදුරටත් කියා සිටියේ ඩොලර් මිලියන 350කින් කර ගතහැකි දේට දෙගුණයක් වැය කර ඇති බවත් මේ අනුව නැව්වලට විශාල දඩයක් ගෙවන්න සිදුව තිබෙන බවත්ය.

“ජනමතයක් නැතත් පවතින ආණ්ඩුවට, කැබිනට් මණ්ඩලයට, අවම හෝ වගකීම් ඉටු කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා ද කියන ගැටලුව මතු වෙනවා. මේ වගේ ගැටලු රැසක් මතු වෙන්නේ විශේෂයෙන් කාන්තාවන් මුහුණ දී තිබෙන ඛේදවාචක රැසක් නිසයි. මැයි මාසයේ ආහාර උද්ධමනය 57%ක් බව වාර්තා වෙනවා. ජූනි මාසය අවසන් වන විට 75%කට විතර කිට්ටුවෙයි කියලා මම හිතනවා. මේ උද්ධමනයට මහජනතාව මුහුණ දෙන්නේ කොහොම ද? අනෙක් පැත්තෙන් ලොකු ම ගැටලුව තමයි ප්‍රවාහනය. බස් ගාස්තුව දරා ගන්න බැහැ. වාහනයට පෙට්‍රල් ගහගන්න බැහැ. අප්‍රේල් මාසයේදී ප්‍රවාහන වියදම 68%කින් වැඩි වෙලා. මැයි මාසය වනවිට 91%ක් වෙලා තිබෙනවා.

තව පැත්තකින් රජයේ වියදම් සඳහා රුපියල් ට්‍රිලියනයක් මුද්‍රණය කරන්න කැබිනට් අනුමැතිය දුන්නා. ඒ මුදල් එනවිට රටේ උද්ධමනය කොයිතරම් වැඩිවේවි ද? එවැනි තත්ත්වයක් මහජනතාව දරා ගන්නේ කොහොම ද? වාහන තියෙන අය කොට්ට පැදුරුත් අරගෙන කිලෝ මීටර් ගණන් දිග පෝලිම්වල ඉන්නවා. මේ රටේ කාන්තාවන්, ළමයින්, මහලු පුද්ගලයන්, තරුණයන් වශයෙන් කිසි ම වෙනසක් නැතිව සියලු දෙනා ම පෝලිමේ. තාත්තත් පුතත් පෝලිම් දෙකක ඉන්න අතරේ පෝලිමේ හිටපු තාත්තා මියගිය පුවතක් අපි දැක්කා.

ජනතාවට උදාකර තිබෙන්නේ මේ වගේ ව්‍යසනයක්. අපේ රටේ ඉන්ධන සඳහා මාසයකට සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 350ක් වියදම් වුණා. ඒ මිල ලෝක වෙළෙඳපොළේ තත්ත්වයත් එක්ක ඩොලර් මිලියන 450ක් වුණත් මාර්තු මාසයේ අපේ රටේ අපනයන ආදායම ඩොලර් මිලියන 1,000යි. අප්‍රේල් මාසයේ ඩොලර් මිලියන 915යි. ඒ වගේ ම මාර්තු මාසයේ විදේශ ශ්‍රමිකයන් ඩොලර් මිලියන 318ක් සහ අප්‍රේල් මාසයේ ඩොලර් මිලියන 240ක් ලැබී තිබෙනවා.”