26.1 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංවිම හිටපු සභාපති යළිත් කෝප් කමිටුවට

ලංවිම හිටපු සභාපති යළිත් කෝප් කමිටුවට

ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු යළි කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔහු ලබන 23 වැනිදා යළි කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතය.

මේ අතර මීට පෙර කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේ විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපති ෆර්ඩිනැන්ඩු කියා සිටියේ මෙගාවොට් 500ක පුනර්ජනනීය විදුලි ව්‍යාපෘතිය අදානි සමාගමට ලබාදෙන්නැයි මෝදි අගමැතිවරයා බලකරන බව ජනාධිපතිවරයා තමන්ට ප්‍රකාශ කළ බවයි.

නමුත් පසුව මේ ප්‍රකාශය ඉල්ලා අස්කරගත් ෆර්ඩිනැන්ඩු කියා සිටියේ මානසික ආතතිය මත එවැනි ප්‍රකාශයක් කළ බවයි.

පසුව ජනාධිපතිවරයාද වහා නිවේදනයක් නිකුත් කරමින් ෆර්ඩිනැන්ඩුගේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කළේය.