26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමරිකානු බැංකුවකින් ශ්‍රී ලංකාවට නඩු

ඇමරිකානු බැංකුවකින් ශ්‍රී ලංකාවට නඩු

ශ්‍රී ලංකාව නිකුත් කළ ස්වෛරී බැඳුම්කරයක් සඳහා ආයෝජනය කළ අමෙරිකානු බැංකුවක් තම මුදල් සහ අදාළ පොලීය ගෙවන ලෙස ඉල්ලා මෑන්හැටන්හි පිහිටි දිස්ත්‍රික් අධිකරණයක නඩු පවරා තිබේ.

පවතින ආර්ථික තත්ත්වය සලකා මෙම බැඳුම්කරය සඳහා මුදල් නොගෙවීමට මහබැංකුව තීරණය කළ අතර ඊට එරෙහිව මෙලෙස නඩු පවරා ඇත්තේ මෙම බැඳුම්කරයේ ඩොලර් මිලියන 250කට වඩා වැඩි ප්‍රමාණයක් හිමි ඇමෙරිකාවේ හැමිල්ටන් රිසර්ව් බැංකුව විසිනි.

එම අමෙරිකානු බැංකුව පවසන්නේ ශ්‍රී ලංකාව මේ වනවිට ස්වෛරී බැඳුම්කර දෙකක් සඳහා ගෙවීම් පැහැර ඇති බවයි.