30 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsටෙස්ට් තරග දෙකකට පාකිස්තානය ලංකාවට එයි

ටෙස්ට් තරග දෙකකට පාකිස්තානය ලංකාවට එයි

අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන ටෙස්ට් තරග දෙකක් සඳහා ක්‍රීඩා කිරිමට පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන මස ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

තෙදින පුහුණු තරගයකින් තරගාවලිය ආරම්භ කිරිමට නියමිත අතර පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ජුලි 16 සිට 20 දා තෙක් පැවැත්වීමට නියමිතය.

දෙවැනි ටෙස්ට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ජුලි 24 දා සිට 28 දා තෙක් පැවැත්වීමට නියමිතය.

පාකිස්තාන කණ්ඩායම ජුලි 06දා ශ්‍රි ලංකාවට පැමිණිමට නියමිතය. තෙදින පුහුණු තරගය කොළඹ කෝල්ට්ස් පිටියේදී ජුලි 11 දා සිට 16 දා තෙක් පැවැත්වෙයි.