― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමං පාර්ලිමේන්තුවට ආවේ රටට වැඩක් කරන්න

මං පාර්ලිමේන්තුවට ආවේ රටට වැඩක් කරන්න

තමා පාර්ලිමේන්තුවට පැමිණියේ රටට වැඩක් කිරීමට බව ධම්මික පෙරේරා පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (22) පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

තමා දිවුරුම් දීමට පෙර තම වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දුන් බවත් තමන්ගේ බදු නිෂ්කාශන සහතිකයද කතානායකවරයාට ලබාදුන් බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය.

රටට ප්‍රශ්නයක් නිසා තමන් පාර්ලිමේන්තුවට පැමිණි බවත් තමාගේ දායකත්වය සම්පූර්ණයෙන් රටට ලබාදෙන නිසා තමාට කුමන අමාත්‍යංශයක් ලැබුනද තමා එම අභියෝගය භාරගන්නා බව ධම්මික පෙරේරා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

රටට වැඩක් කරන්න තමයි මම මෙතනට ආවේ. මම පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන්නේ ඉස්සරවෙලා මගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දුන්නා කතානායකතුමාට. ඒ වගේම මගේ ටැක්ස් ක්ලියරන්ස් සහතිකයක් මම ලබා දුන්නා කතානායකතුමාට. මම හිතනවා එතනින් වෙනසක් සිදු වෙයි කියලා. රටට ප්‍රශ්නයක් තියෙන හින්දා තමයි මම පාර්ලිමේන්තුවට ආවේ. දැන් ප්‍රශ්නයට විසඳුම් හොයන එක තමයි මගේ කාර්යභාරය වෙන්නේ. මම හිතනවා මට ඒක කරලා ජයගන්න පුළුවන් වෙයි කියලා. මම හිතනවා හොඳ අමාත්‍යංශයක් භාර දෙයි කියලා. ඉතින් කොහොම වුනත් මගේ දායකත්වය මම සම්පූර්ණයෙන්ම රට ගැන බලලා තියෙන නිසා මට කොයි අමාත්‍යාංශය ලැබුණත් මට ඒකට දායකත්වය ලබාදෙන්න. වගකීම බාරගන්න තමයි මම ඇත්තටම ආවේ. අභියෝග තියෙන කොට එන එකේ ලස්සනක් තියෙනවා. ඒ කියන්නේ ගඟක් වුණත් ගලනකොට දිය ඇලිනේ ලස්සන. අභියෝගත් එක්ක තමයි හැම දෙයක්ම ජයගන්න පුළුවන්.