― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරාජ්‍ය සේවකයින්ට විදෙස්ගත වීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

රාජ්‍ය සේවකයින්ට විදෙස්ගත වීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

රාජ්‍ය සේවකයින්ට වසර 05ක කාලයක් සඳහා විදේශගත වීමට අදාළ වන විශේෂ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

ජේෂ්ඨත්වයට සහ විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට වසර 05ක උපරිමයකට යටත්ව දේශීය සහ විදේශීය වැටුපට අදාළ කර ගත හැකි ආකාරයට වැටුප්‍ රහිත විදේශ නිවාඩු ලබා ගත හැකි වේ.

වයස අවුරුදු 35ට අඩු රාජ්‍ය නිලධාරීන්ට තොරතුරු තාක්ෂණ දැනුම, ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක / භාෂා දැනුම වර්ධනය කර ගැනීමට හෝ පිළිගත් ආයතනයක වෘත්තීය පුහුණුවක් සම්පුර්ණ කිරීම සඳහා හෝ වසරක කාලයක උපරිමයට යටත්ව දේශීය හෝ විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගත හැකිය.

එම චක්‍රලේඛය අනුව විදේශ ගතවන රාජ්‍ය සේවකයින් ඔවුන්ගේ නමට විවෘත කරන ලද අනේවාසික ගිණුමක් හරහා සෑම මාසයකම නිශ්චිත විදෙස් මුදල් ප්‍රමාණයක් එවීම සිදුකළ යුතුවේ.

එහිදී ප්‍රාථමික සේවා ගණනයේ නිලධරයන් මාසිකව අමෙරිකානු ඩොලර් 100ක්, ද්විතීයක ගණයේ නිලධරයන් මාසිකව ඩොලර් 200ක්, තෘතීයක සේවා ගණයේ නිලධරයන් මාසිකව අමෙරිකානු ඩොලර් 300ක් සහ විධායක සේවා ගණයේ නිලධරයන් මාසිකව ඩොලර් 500ක මුදලක් මාස් පතා මෙරට පිහිටි සිය අනේවාසික ගිණුම් වෙත එවීම සිදුකළ යුතු බව එම චක්‍රලේඛයේ සඳහන් වේ.