― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalධම්මික දැම්මේ බැසිල්ගේ පුද්ගලික තීරණයකට!

ධම්මික දැම්මේ බැසිල්ගේ පුද්ගලික තීරණයකට!

පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය ලබා දීමට යෝජනා කර තිබුණේ වෙනත් අයෙකුගේ නමක් බවත් නමුත් බැසිල් රාජපක්ෂ පුද්ගලික කැමැත්තෙන්ම තමන්ට මන්ත්‍රී ධූරය ලබා දුන් බවත් ධම්මික පෙරේරා පැවසීය.

ධම්මික පෙරේරා ඊයේ (22) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ධම්මික පෙරේරා මෙලෙස මන්ත්‍රීවරයෙක් වශයෙන් දිවුරුම් දුන්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහායි.

මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටතට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් ධම්මික පෙරේරා පැවසුවේ තරුණයින්ගේ ගැටළුවලට තමන්ට විසදුම් ලබාදිය හැකි බවයි.

තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීමට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ කථානායකවරයා වෙත භාරදුන් බවත් මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේය.

බැසිල් රාජපක්ෂ නිතරම තමා හා කතා කරන බවත් මන්ත්‍රී ධූරය ලබා දීම ගැන බැසිල් රාජපක්ෂ මහතාට ගෞරව කරන බවත් කියා සිටියේය.

ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම අභියෝගයට ලක් කරමින් ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබූ පෙත්සම් පෙරේදා (21) විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප විය.