30 C
Colombo
Sunday, August 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅංක තහඩුව අනුව තෙල් දෙන ක්‍රමවේදය මෙන්න

අංක තහඩුව අනුව තෙල් දෙන ක්‍රමවේදය මෙන්න

සියලුම රථවාහනවලට එම වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලබාගැනීම සදහා සතියේ දින හත වෙන් කිරීමට බලශක්ති අමාත්‍යාංශය යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව අංක තහඩුවේ අවසාන ඉලක්කම 0, 1 සහ 2 නම් සඳුදා සහ බ්‍රහස්පතින්දාත් 3, 4 සහ 5 අංක සහිත වාහනවලට අඟහරුවාදා සහ සිකුරාදා දිනත් ඉන්ධන නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

වාහන අංක තහඩුවේ අවසන් අංකය 6,7,8 සහ 9 නම් බදාදා, සෙනසුරාදා සහ ඉරිදා දින වෙන් කිරීමට යෝජනාවී ඇත.

ඒ අනුව මෝටර් රථ, යතුරුපැදි සහ ත්‍රීරෝද රථ සදහා සතියකට හෝ මාසයකට අවශ්‍ය ඉන්ධන සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් ලබාගත හැකි අතර කෙසේ වෙතත්, මෙය ක්‍රියාත්මක වීම ආරම්භ කෙරෙන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.