24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකඩදාසි හිඟයෙන් විදුලි හා ජල බිල් නිකුත් කිරීමට බාධා

කඩදාසි හිඟයෙන් විදුලි හා ජල බිල් නිකුත් කිරීමට බාධා

කඩදාසි හිඟය සහ විදුලිබල මණ්ඩලය මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය හේතුවෙන් විදුලිබිල්පත් නිකුත් කිරීමට දැඩි බාධා එල්ල වී තිබේ.

විදුලිබල මණ්ඩලයේ පාරිභෝගික සම්බන්ධීකාරක නිලධාරින්ගේ සංගමයේ සභාපති නාලක ජීව ප්‍රසන්න සඳහන් කළේ ඇතැම් ප්‍රදේශවලට මාසික බිල්පත ලැබී නොමැති බවට වාර්තා වී ඇති බවයි.

එමෙන්ම පාරිභෝගිකයින්ට දැනට ලබාදෙන විශාල ජල බිල්පත වෙනුවට කුඩා බිල්පතක් ලබාදීමට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අවධානය යොමුව ඇති අතර
මේ සඳහා දැනටමත් කමිටුවක් විසින් අධ්‍යයනයක් සිදු කරන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.