29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජුනි 28 හා ජුලි 06 චීනයෙන් හාල් නැව් දෙකක් මෙරටට

ජුනි 28 හා ජුලි 06 චීනයෙන් හාල් නැව් දෙකක් මෙරටට

චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ හාල් තොගයෙන් පළමු කොටස් ද්විත්වය ජුනි 28 වැනිදා හා ජූලි 06 වැනිදා කොළඹ වරායට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට ලබාදෙන දිවා ආහාර වැඩසටහනට අවශ්‍ය සහල් මෙට්‍රික් ටොන් 10000ක් චීනය ලංකාවට පරිත්‍යාග කිරීමට නියමිතය.

මෙම සහල් තොගය කාණ්ඩ 6ක් යටතේ ශ්‍රී ලංකාවට ගෙන එනු ලබයි. ශ්‍රී ලංකාවේ අර්බුදයට පිළියමක් ලෙස චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන යුවාන් මිලියන 500ක ආධාර යටතේ මෙම සහල් තොගය ලබාදෙයි.